උනුන් පරයා දිවෙන පය
නතර විය මොහොතකට
කන්කළු ව මුසුවන
අඳ නුඹේ වෙණ නදට..
වාරු වුණ සුදු සැරයටිය
සැලෙයි අඳ නෙත් වැයෙන තනුවට
තුරුලතා මල් පවා
නැලවෙතී තාලයට..
නොපෙනෙනා ලොවක්අබියස
ඇස් පෙනෙන මිනිසුන්ට
පුදුමයි නුඹේ අඳ
නෙත්
පසක් කල ජීවිතය..
No comments:
Post a Comment
අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!