මෙහි අන්තර්ගතය "යථාර්තය" ට එහා ගිය යමකි.සිතක ඇතිවිය හැකි හැඟීම් හා සිතිවිලි වලට ඉමක් කොනක් නැත.ඒ සිත තුල තෙරපෙන සිතුවිලි වලට වැට කඩොලු නැත,එලෙස වට කඩොලු බැඳීමද පාපයක් යැයි සිතමි.කිසිවෙකුටත් හානියක් නොවන එය හුදෙක් පාවෙන සිතෙක ඇති වෙන්නා වූ "සිහින" පමණකි.මේ තුල ඇතුලත් දෑ සියල්ල සිතක හටගත් සංකල්පනා ඔස්සෙ දිව යන්නක් මිස ලොව තුල පැවති හෝ පවතින්නා වූ හෝ මතු දිනෙක සිදුවිය හැකි දෑ නොවිය හැකිය.හුදෙක් රසවින්දනය උදෙසා පමණක් ලියන මෙම ලියවිල්ලෙහි කොතැනක හෝ පරස්පර විරෝධී දෙයක් අන්තර්ගත වූයේ නම් එය මායා දෘශ්ටියක් ලෙසින්ම සිතා බැහැර කරන මෙන් කාරුණිකව ඉල්ල සිටිමි.
ඉදින් අවසරයි පන්හිඳ අතට ගන්නට..