සුදු පාටට මල් පිපියං
අප්පච්චිගෙ නෙතු අද්දර
අප්පච්චිගෙ සිනා රැල්ල
ආසයි ආයෙත් දකින්න..
දන්නවා නුඹ හරි සැර බව
නංගිගෙ කඳුලැලි වලින්ම
ඒ උනාට නුඹ විතරයි
අප්පච්චිට හීන දෙන්නෙ
අලුත් ගවුම් පොත් පැන්සල්
කට පුරෝලා සීනි බෝල
මේ ඔක්කොම නුඹේ අතේ
එපා හීන උදුරගන්න
ඉරිදා පොලේ අපට උරුම
ඉටි කොලේට යටින් ඉඳන්
ගණන් උස්සපන් තව තව
කාසි පනම් අතට එන්න
ලොකු මහතැන් නොබැලුවාට
අපේ පැලට එලිය දෙන්න
දිගැටි හරිත නුඹේ හැඩය
අත හිත දෙනවා හරියට
දහඩිය බිඳු පොහොර කරං
අක්කරයක් වපුරවාපු
අප්පච්චිගෙ හීන ගොන්න
මිරිස්..
No comments:
Post a Comment
අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!